අද 2014 ජනවාරි 13 වෙනිද......... ඒ කියන්නෙ මන් තුමා ඉපදෙන්න හරියටම තව දවස් 2ක් තියනව. මන් තුමා ඉපදුනෙ ජනවාරි 15 වෙනිද. වැඩේ කියන්නෙ මන්තුමාගෙ පියතුමත් ඉපදිල තියෙන්නෙ ජනවාරි 15 වෙනිදාම වෙච්ච එකයි. (හැබැයි අවුරුද්දෙ නම් පොඩි වෙනසක් තියනව)
පහුගිහ ටික දොහේ එච්චර වැඩක් තිබුනෙ නැති හින්ද මන්තුමත් අපේ සින්හල බ්ලොග් කියවන්න පටන් ගත්ත. එහෙම ඉන්න අතරමගදි මන්තුමාටත් හීනියට බ්ලොගක් ලියන්න අදහසක් පහල උනා. කොහොමෙන් කොහොම හරි ඔන්න අද හා හාපුරා කියල ඒක පටන් ගත්ත.
ඇත්තටම මේක "චන්ඩියගෙ බණ්ඩිය" කියල නම් කලේ එක හෙතුවක් ඇතිව. අනේ මන් දන්නෙ නැ මට අපේ ගෙදර ඇයො (අර ඇය කියන සතා නෙමෙයී) මන්තුමාට පොඩි කාලෙ ඉදන් කියන්නෙ "චන්ඩි" කියල. එහෙම කිව්වට මම නම් මහ ලොකු චණ්ඩියෙක් නෙමෙයි. හැබැයි මන්තුමා ගැටය කාලෙ නම් පොඩි පොඩි චන්ඩි වැඩ කලා. කොහොම උනත් මට ලොකු බණ්ඩි ගෙඩියක් ඒ කාලෙ ඉදලම තියනව. අදත් ඒකෙ වෙනසක් නැහැ. ඒ හින්ද මන්තුමා හිතුව මේ බ්ලොක් එක "චන්ඩියගෙ බණ්ඩිය" නම් කරන්න.
එහෙම නම් ඉතින් ඒ කාලෙයි, මැත කලෙයි, ඉදිරියටයි කරල තියන, කරපු, කරන්න බලාපොරොත්තු වන දෙවල් මතක් වෙන වෙන වෙලාවට කොටන්න තමයි හිතාගෙන ඉන්නෙ.
පැටෙව්වෙ ප්‍රසන්ග :: දැන් ප.ව. 3.03
No comments:
Post a Comment