මේ දවස් වල මන්තුමාලගෙ මහපාය නිකක් යුධපිටියක් වගෙ. මන්තුආගෙ පියතුමා 2011 දි නැතිඋනාට පස්සෙ අපේ මහපායෙ ඉන්නෙ මන්තුමයි, මන්තුමියයි, මන්පුතයි, මන්තුමාගෙ මව්තුමියයි විතරයි. ඉතින් අපි 4 දෙනෙක්ට මේ මහ විසාල මහපාය නඩත්තු කරන්න අමාරු හින්ද ලබන මාසෙ ඉදල අපි මහපාය කොම්පැණියකට බදු දීල වෙනත් කුඩාපයකට යහපත් වෙන්ව. ඒ හින්ද මේ දවස් වල ඔක්කොම තුමාලයි තුමියලයි හිටු කියල පැක් කරනව. ඒ පෙට්ටියෙන් මේ පෙට්ටියට දානව මේ පෙට්ටියෙන් ඒ පෙට්ටියට දානව. අප්පේ තියන බඩු ගොඩ. පරක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ ඉදන් එකතු කරපුව වගෙ.
අපේ අච්චිතුමියත් අන්තිම කාලෙ අපේ මහපායෙ හිටපු හින්ද ඒ බඩුත් තියනව. පිගන් කෝප්ප ලොරියක් විතර තිබුන. අපෙ මව්තුමිය නම් කියන්නෙ ඒ කාලෙ දානයක් දෙනකොට ඔය දැන් වාගෙ පිගන් කෝප්ප කුලියට ගන්න තිබිල නැහැලු. ඒ හින්ද ඒ හැම එකක්ම ගෙවල් වල එකතු කලාලු. ගොඩක් ඒව නම් අපේ මහපාය අවට පන්සල් වලට පූජාකලා ඉතිරි ටිකෙන් අපිට ඕනැවේ කියල හිතුන ඒව වෙන්කොරගෙන අනිත් ටිය ඔය දන්න දන්න අයට දීල දැම්ම. මේ දවස් ටිකේ අපේ මහපාය නැයන් ගෙන් පිරිල (නිකක් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න බලන් ඉන්න කට්ටිය).
ඔය අතරෙ තිබුන ඇන්ටිකිව් වගේ බඩු ටික මන්තුමියයි මන්පුතයි හිමින් සීරුවෙ ගල් කරා. මන්තුමත් ඉතින් නිකන් හිටියෙ නැහැ ලාවට ලාවට චූටි චූටි ඒව ගල් කර ගත්ත.
මන්තුමාට තමයි දැන් ලොකුම ප්‍රශ්නෙ මොකද මන්තුමාගෙ කන්තෝරුවත් තිබුනෙ මහපායෙනෙ. ඒත් අපිල යන කුඩාපයෙ කන්තෝරුවක් දාන්න තරම් ඉඩක් නැහැ. මේ ටිකේ මන්තුමා කන්තෝරුවක් දාන්න පුලුවන් තැනක් හොයනව.
ඔන්න දැන් ටිකකට ඉස්සෙල්ල මන්තුමිය අලුත් කුඩාපයට ගෙවදෙන නැකත් හදාගෙන ආව. ඒකෙ හැටියට ලබන 23 වෙනිද තමයි නැකත් තියෙන්නෙ ඒ වෙනකොට මන්තුඅත් කන්තෝරු කාමරයක් හොයාගන්න ඕනෙ.
හම්බ නූනොත් තමයි පුරශ්නෙ.
ඉතිරි ටික පස්සෙ කොටන්නම්